රටින් බඩු ගෙන්වීම සීමා කර තිබියදී අදහාගත නොහැකි ලෙස වැඩියෙන්ම රටින් බඩු ගෙන්වා ගැනීම සිදු කළ අපේ අයගෙ කතාව ?

sri lanka import gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 14, 2022 03:44 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම ආනයන වියදම 2021 දෙසැම්බර් මාසයේ දී සටහන් වී තිබේ.

2020 වසරේ දෙසැම්බර් මාසදේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,527 හා සැසඳීමේ දී, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී, මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික ආනයන වියදම වාර්තා කරමින් වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 2,241ක් දක්වා සියයට 46.8කින් සැලකිය යුුතු ලෙස ඉහළ ගියේය.

සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන වියදම්වල කැපී පෙනනෙ වැඩිවීමක් දක්නට ලැබුණු අතර, අන්තර් භාණ්ඩ ආනයන ඒ සඳහා වැඩි වශයෙන් හේතු විය. 2021 වසරේ සමස්ත ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 20,637ක් වූ අතර, එය 2020 වසර තුළ වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 16,055ක වියදමට සාපේක්ෂව සියයට 28.5ක වර්ධනයකි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වෙළෙඳ ගිණුමේ හිඟය, 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 562ට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී, මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අගය වන එක්සත් ජනපද ඩොලර් මිලියන 1,085ක් දක්වා පුළුල් වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now