ඔක්තෝම්බර් 01 රට විවෘත කිරීම ගැන කැබිනට් ප්‍රකාශක අද කියූ දේ මෙන්න.
දැනට පනවා ඇති නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් මස 01 වනදා අලුයම සිට ඉවත්කරන්නේද, නැතහොත් තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සිකුරාදා ගැනීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළා.
ඒ, අද (28)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
අද වන විට රට තුළ කොවිඩ් රෝගීන්ගේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කරන බවත්, වෛද්‍ය විශේෂඥයන්ගේද උපදෙස් අනුව කොවිඩ් මර්දන කාර්යය සාධක බළකාය ලබන සිකුරාදා දිනයේදී නිරෝධායන ඇදිරිනීතිය සම්බන්ධයෙන් වඩාත් සුදුසුම තීරණය ගනු ඇති බවත් රමේෂ් පතිරණ මහතා එහිදී පැවසුවා.
මේ අතර මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නො මැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
ඒ, මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.
දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට හේතුව ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය නො මැති වීම බවට පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද චෝදනා කළා.
එලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනු යි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
