ඔක්තෝම්බර් 01 පස්සෙ රටට වෙන දේ මෙන්න..මංගල උත්සව වලටත් අවසර?..

Corona Sri Lanka Lock down Wedding Isolating
By Aruna Sep 26, 2021 03:20 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝම්බර් පළමු වනදා සිට රට සීමාවන්ට යටත්ව විවෘත කිරීමට අපේක්‍ෂා කළද රාත්‍රී කාලයේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව බොහෝදුරට දිනපතා රාත්‍රී දහයේ සිට පසු දින අලුයම 4 දක්වා නිරෝධායන ඇදිරී නීතිය පැනවීමටයි නියමිතව ඇත්තේ.

ඔක්තෝම්බර් පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ අනුව විවාහ මංගල උත්සව සදහා දැඩි සීමා පැනවෙනු ඇති.

සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් එම උත්සව නිවෙස් තුළ පමණක් සිදු කිරීමට අවසර ලබාදීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත්තේ.

අවමංගල්‍ය උත්සව සදහා මෙන්ම ජනතාව සමූහ වශයෙන් එක් විය හැකි තවත් ක්‍රියාකාරකම් රැසක් වෙනුවෙන්ද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හරහා දැඩි සීමා පැනවෙනු ඇති.

මේ අතර සීමාවන්ට යටත්ව ඔක්තෝම්බර් පළමු වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන 30 වනදා ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ.

රට විවෘත කළද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha