රටම බලා සිටි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දෙයි
ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත.
එබැවින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% වශයෙන් නොවෙනස්ව තබා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.
කෙසේ වෙතත් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණයෙන් පසුව පවත්වනු ලබන පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය මෙය වීම විශේෂත්වයක්.