පිටරටකින් ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක්..

Sri Lanka Malayasia
By Aruna Sep 24, 2021 05:43 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වසංගතය හේතුවෙන් මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්තානයට පනවා ඇති සියලු සම්බාධක ඉවත් කළ යුතු බව චීනය අවධාරණය කරනවා.

G20 රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මේ බව සඳහන් කළා.

ඇෆ්ගනිස්තානයට අයත් විදෙස් සංචිත මුදා හරින්නැයි චීනය, අමෙරිකාවෙන් ඉල්ලා සිටියා.

ඇෆ්ගනිස්තානයේ ජාතික වත්කම් වන විදේශ විනිමය සංචිත යළි එරට ජනතාවට හිමිවිය යුතු බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ ආතතිය ලිහිල් කරගැනීමට බලවත් රටවල් සහාය විය යුතු බව ද පෙන්වා දෙමින්.

ප්‍රමාදයකින් තොරව ඇෆ්ගනිස්තානයට මානුෂීය ආධාර ලබාදිය යුතු බව, චීනයේ මතයයි.

ඇෆ්ගනිස්තානයට ආධාර සැපයීම දෙගුණයකින් ඉහළ නංවා හදිසි අවස්ථා සඳහා සහාය වීමට එක්විය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha