ශ්‍රී ලංකා පාපන්දු තහනම ගැන අලුත්ම තීරණයක්..!
Football
Sri Lanka
FIFA World Cup
By Sewvandhi
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
FIFA විසින් 2023 වසරේ ජනවාරි 21 වනදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා.
ඊයේ (27) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට දන්වා තිබූ කරුණු සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැක්වූ යහපත් ප්‍රතිචාරය සම්බන්ධයෙන් සලකා බලා මෙම තීරණය ගත් බව එම සම්මේලනය වැඩිදුරටත් පවසයි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර ඇති ලිපියේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 29 වනදා පවත්වන බවට මෙරට ක්‍රීඩා බලධාරීන් පොරොන්දු වී ඇති අතර එතෙක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව වැඩිදුරටත් දැක්වේ .
