රෝගී තත්ත්වය එන්න එන්නම දරුණු අතට - මේ වන විට රෝගීන් 94,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, වසරේ ගතවූ කාල සීමාව තුළ සමස්ත ඩෙංගු රෝගීන් 94,037 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,962 කි. මීට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533 ක් සහ අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 8,701 ක් වාර්තා වී ඇති අතර, ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ පිළිවෙළින් රෝගීන් 7,866 ක්, 5,721 ක්, 6,013 ක්, 5,651 ක් සහ 8,590 ක් ලෙස වාර්තා වී තිබේ.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 52.93 කට ආසන්න ප්‍රමාණයක්, එනම් රෝගීන් 49,771 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වීම කැපී පෙනෙන තත්ත්වයකි.
පළාත් මට්ටමින් දකුණු පළාතෙන් රෝගීන් 13,763 ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,519 ක් වාර්තා වන අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි (රෝගීන් 20,034). කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,652 ක් (කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් 3,787) වාර්තා වන අතර, මහනුවර (6,818), කළුතර (6,093), ගාල්ල (6,079), රත්නපුර (5,160), මාතර (5,003), කෑගල්ල (2,713), කුරුණෑගල (2,651) සහ හම්බන්තොට (2,510) යන දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
සුරේෂ් සලේගේ වයෝවෘද්ධ මවගෙන් ජනාධිපති අනුරට සංවේදී ලිපියක් - "පුතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ කරන්න එපා"
මේ වන විට දිවයින පුරා අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 76 ක් හඳුනාගෙන තිබේ. පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන නිරන්තරයෙන් පිරිසිදු කර විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත්, උණ තත්ත්වයක් පවතී නම් ස්වයං ප්‍රතිකාරවලින් වැළකී නොපමාව සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය බලධාරීහු මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිති.