ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 03කට වඩා කාලයක් සිම්බාබ්වේ දී වුන අපහසුතාවය ගැන ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්.. (PHOTO)
සිම්බාබ්වේ තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නේවාසික පහසුකම් සළසා දී මේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් අපහසුතාවයට පත් විය.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ රාජ්‍යට පැමිණිය ද ඔවුන්ට පැය 03කට ආසන්න කාලයක් අදාළ හෝටලයේ දොරටුව අසළ බිම වාඩි වී සිටීමට සිදු විය.
ඒ නිසි පරිදි නේවාසික පහසුකම් සලසා නොදීම හේතුවෙන් ය.
මෙරට ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරුප ද එක් කර තිබු අතර සමාජ මාධ්‍ය හරහා ඒ ගැන දැඩි කතාබහට ලක් විය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනය මගින් සඳහන් කළේ, වෙනත් ක්‍රිකට් කණ්ඩායමක් අදාළ හෝටලයට පැමිණ සිටි බැවින් ඔවුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරමින් සිටි නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් කර ගැනීම ප්‍රමාද වූ බව ය.
එම නිවේදනය පහතින්,
