රට පුරා නගර 43ක් වසා දමයි..එම නගර මෙන්න.

Police Colombo Embilipitiya City closed Beliaththa
By Aruna Aug 19, 2021 05:07 AM GMT
Aruna

Aruna

Report

 රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාපත් වන කොවිඩ් 19 වසංගතය හමුවේ සිය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවා ස්වේච්ඡාවෙන්ම අගුළු පනවා ගැනීමේ තීරණයට එළැඹීමට දිවයින පුරා ප්‍රධාන නගර රැසක වෙළෙඳ සංගම් තීරණය කර ඇත.

පසුගිය අ ගෝස්තු 15 වැනිදා ගම්පහ නගරය අක්‍රිය කිරීමට එම වෙළෙඳ සංගමය තීරණය කිරීමත් සමග එම දිනය තුළ පමණක් ගම්පහද ඇතුළුව නගර 09ක් වසා දැමීමට එවායේ වෙළෙඳ සංගම් තීරණය කළේය.

ඉන් අනතුරුව පෙරේදා දිනයේ (16) තවත් නගර 11ක වෙළෙඳ සංගම්ද එම තීරණයට එළැඹුණ අතර ඒ අනුව පෙරේදා (17) පෙරවරුව වන විට වසා දැමීමට තීරණය කර තිබුණු නගර සංඛ්‍යාව 21 විය.

ඉන් අනතුරුව පෙරේදා (17) පස්වරුව වන විට තවත් නගර 08ක් වසා දැමීමට තීරණය කෙරුණු අතර ඊට සමගාමීව පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන කයිසර් වීදියේද වෙළෙඳ කටයුතු අත්හිටුවනු ලැබීය.

මෙම තත්ත්වය ඊයේ (18) පස්වරුව වන විට තවදුරටත් වර්ධනය වූ අතර පිටකොටුවේ රෙදිපිළි හා තෑගි භාණ්ඩ තොග වෙළෙඳාමට ප්‍රසිද්ධ දෙවන හරස් විදියද දින කීපයකට වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කළේය.

මීට අමතරව අද (19) පෙරවරුව වන විට දිවයින පුරා වසා දමා ඇති සමස්ත නගර සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (19) දිනයේ පොල්ගහවෙල තවලම, හොරණ, සියඹලාණ්ඩුව, තඹුත්තේගම, කඹුරුපිටිය, හැටන්, අකුරැස්ස, මීගමුව, කොච්චිකඩේ, වැලිගම, ඇඹිලිපිටිය, බිබිල, හාලිඇළ, අනුරාධපුරය, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, දඹුල්ල, වරකාපොළ හා මැදගම යන නගර වසා දැමීමට තීරණය කෙරිණි.

ඒ අනුව මේ වනවිට කඩසාප්පු වසා දමා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට තීරණය කර ඇති නගර සංඛ්‍යාව 43කි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළෙඳසල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළෙඳ සංගමය පවසයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළෙඳ සංගමයේ සභාපති වී.විජයසිංහම් මහතා ඊයේ (18) සවස පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදී අදාළ තීරණය දැනුම්දෙනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha