අන්තර්ජාලය භාවිතා කරනවාද ? මුදල් පරිස්සම් කරගන්න
ඊයේ (09) පෙරවරු කාලයේදී පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත අලුත්ගම ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වූ චීන ජාතිකයන් දහසය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසියට හැකි වී ඇත.
මෙම හදිසි වැටලීම සිදු කර ඇති අතර, සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙම ස්ථානයේ කඳවුරු බැඳගෙන මෙම ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.