මේ දින වල බීච් එකේ යන අයගෙ යටි පතුල් වලට වෙන දේ මෙන්න...අති භයානක තත්ත්වයක්.

Sri Lanka Gossips Beach
By Aruna Nov 29, 2021 09:03 AM GMT
Aruna

Aruna

Report

බීච් එකේ නාන්න යනකොට පරිස්සම් වෙන්න වෙයි, මොකද මේ දවස්වල කරාපිටිය ශික්ෂණ රෝහලට කොරෝනා ප්‍රශ්න වගේම, මුහුදු ජීවී ප්‍රශ්නත් ඇවිත්.

"මචං ඊයේ සැන්මිරා හෝටලය ඉස්සරහා බීච් එකේ නාන්න ගිහින් මගේ යාලුවෙක්ගේ කකුලේ ඉකිරි කටු ඇනිලා ඇඩ්මිට් කරා..

අපි කටු ගලවන්න බැලුවා ,කටු ගලවන්න බෑ කැඩුනා කෑලි හම ඇතුලේ ඉතුරු වෙන්න..ඊයේ රෑම කකුල ඔපරේෂන් කරලලු.."

නිතරම අහන්න ලැබෙන දෙයකි. "දවසක් පොල්හේන බීච් ගිහින් මේවා ඇනුනා. අපිට ඒ ගැන කිසි අත්දැකීමක් තිබුණේ නෑ. ගමේ අය ඉදලා වරා කිරි දැම්මා.

කටු වලට පන තියන නිසා ඒවා මැරෙන්න කියල තමයි දැම්මේ. යටි පතුලේ කටු 32ක් තිබ්බා." තවත් සමහරු ඇඩ්මිට් නොවී ගොඩයන ක්‍රමයක් හොයනවා.

මුහුදු ඉකිරි කියන්නේ දර්ශනිය වශයෙන් ඝන කවචයක් දරන ගෝලාකාර සත්ත්ව විශේෂයක්.

ලෝකය පුරා ඉකිරි විශේෂ 950ක් පමණ ජීවත්වන අතර මොවුන් සෑම සාගරයකම උදම් රළ කලාපයේ සිට, මීටර 5000 ක පමණ ගැඹුරු මුහුදු පත්ල දක්වා ව්‍යාප්තව ඇත.

ඉකිරි ඉතා සෙමෙන් සංචරණය කරන සත්ත්ව විශේෂයක් වන අතර, මුහුදු ඉකිරින්ගේ ඇත්තේ ඉතා කැඩෙන සුලු ඉදිකටු වැනි කණ්ඨකයන්ය. ඒවා ඇනෙන්නේ අපි ඉකිරි‍යා මත පය තැබුවහොත් පමණි.

ඇතැම් විශේෂ වල ඉකිරි කටුවල විස නැත. වැඩුනු ඉකිරි සාමාන්යහයෙන් සෙන්ටිමීටර 3-10ත් පමණ විශාලත්වයකින් දැකගත හැක. ඇතැම් විශේෂ සෙන්ටිමීටර 36ක් පමණ විශාලත්වයකට වර්ධනය වෙනවා වැඩුණු ඉකිරින්ගේ ඇති තියුණු, වැඩුණු කටු ඔවුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා භාවිත කරනව.

බීච් එකේ නාන්න යනවා නම් මේ ගැනත් දැනගන්න. කටුවක් ඇනුන විට එය වේදනාකාරී වුවද බියට පත් නොවන්න..එම කකුල බිම නොතබා ගොඩබිමට පැමිනෙන්න.ඉන්පසු ට්විස්ටරයක් භාවිතා කර හැකි නම් පමණක් එලියට නෙරා විත් ඇති කොටස් ඉවත් කරන්න..(අතින් නොගලවන්න) ඇණුන කොටස පාදය ගැඹුරට ගොස් ඇත්නම් රෝහලට පැමිනෙන්න

..වේදනා නාශක සහ ප්රොතිජීවක රෝහලෙන් දෙනු ඇත..එලෙසම X ray එකක් ගෙන එය උපයෝගී කරගෙන කටු ඇති තැන් හොයාගෙන ,සැත්කමක් මගින් හැකි පමන කටු ඉවත් කරනු ලැබේ..

ඇතැම් ඉකිරි ඇනීම් දීර්ඝකාලීන හානිකර පැසවීම වලට ලක් වේනන පුළුවන් .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now