ශ්‍රී ලංකා බංග්ලාදේශ තරඟය අද.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 38වන තරඟය අද (06) පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතරයි.
තරඟය අද පස්වරු 2.00ට ඉන්දියාවේ දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
එම තරඟය පැවැත්වෙන්නේ මේ වන විට දිල්ලි නගරයේ පවතින අධික වායු දුෂණය මධ්‍යයේයි.
මේ අතර ඊයේ (05) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවතී තරඟය ලකුණු 243කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය පිල සමත් වුණා.