ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් මුළු ලංකාවටම සුබ ආරංචියක්
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පසුගිය වර්ෂය තුළ ඉතිහාසයේ වර්ෂයක් තුළ උපයා ගත් වැඩිම වාර්ථාගත ආදායම ලෙස රුපියල් මිලියන 168ක් වාර්තා කර තිබේ.
ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු මෙතෙක් වසරක් තුළ උපයා ගත් ඉහළම අලෙවි ආදායම ලෙස මෙම ප්‍රගතිය සලකනු ලැබේ.
මෙම අවස්ථාවට අදාළව, නව නිෂ්පාදන 07ක් වෙළඳපොළට හදුන්වා දීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
එම උත්සව සමගාමීව අමාත්‍යවරයා නිෂ්පාදන අංශයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ආදායම් ප්‍රගතියේ මෙම සාර්ථකත්වය ඇතිවීමට මූලික වූ කරුණු අතර, අමාත්‍යවරයා ලබාදුන් උපදේශන සහ නිසි සැලසුමකට අනුව ක්‍රියාත්මක වීමට ආයුර්වේද ඖෂධ සංස්ථාවට හිමිවූ අවස්ථා බෙහෙවින් සහය වීම බව සංස්ථාවේ සභාපතිනී ගීතාමනී සී කරුණාරත්න මහත්මිය එහිදී සඳහන් කළා ය.