IMF වෙතින් ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීමට තීරණය කෙරෙන රැස්වීම අද

Report

 ශ්‍රී ලංකා රජය විසින් කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම පිළිබදව සලකා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීම නියමිතය තිබේ.

එම අවස්තාවේදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට සූදානම් බව වාර්තා වේ.

තවද අයහපත් කාලගුණයෙන් සිදුව තිබෙන විනාශයෙන් පසුව නිර්මාණය වී තිබෙන අභියෝගවලට මුහුණදීමට අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කර තිබිණි.

තවද එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට කටයුතු කිරීමට සූදානම් බව සදහන් වේ.

ඒ අනුව මෙම අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර තිබේ.

ඒ සදහා එම අරමුදලේ අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණි .

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

නමුත් මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමා ඇත.

 එම සමාලෝචනය සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරිමට අද රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.  

රන් මිල යළි අහස උසට - පවුමක නව මිල මෙන්න

රන් මිල යළි අහස උසට - පවුමක නව මිල මෙන්න