තිළිණි ප්‍රියමාලි සහ රන්ජන් අතරේ පැවති සම්බන්ධය ගැන හෙළිදරව්වක්.

By Aruna Oct 16, 2022 07:53 AM GMT
Report
120 Shares

තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව මම දැකලත් නැහැ කතා කරලත් නැහැ. අඳුනන්නෙත් නැහැ.

අනික මං අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක් හිරේ හිටියේ.

ඒ නිසා මේ කාන්තාව එක්ක බිස්නස් කර කියන චෝදනාව මට එල්ල කරන්න බැහැ යැයි ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ‘සති අඟ ප්‍රධාන පුවත්පතනට’ පවසා තිබේ.

මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව රුපියල් කෝටි 7ක මුදලක් ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක මහතා වෙත එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා මෙසේද කීය. මේ කාන්තාව එක්ක බිස්නස් කරානම් මං සීඅයිඩී එකෙන් හරි පොලිසියෙන් හරි දැනුම් දීමක් කරන්න ඕනේ කටඋත්තර දෙන්න එන්න කියලා.

මේ වෙනකල් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. ඒ නිසයි මම නිහඬව හිටියේ.

පිටරට ඉඳලා ක්‍රියාත්මක වන මඩ වෙබ් සයිඩ් කීපයකින් තමයි මේ මඩ ප්‍රචාර මට එල්ල කරන්නේ.

මේ කාන්තාව නිෂ්පාදනය කරන්න හදපු චිත්‍රපටයේ මුහුරත් උළෙලට මම ගියේ නැහැ.

මගේ වෙලාවට ඒ මුහුරත් උළෙල පැවැත්වෙන කොට මම හිටියේ හිරගෙදර.

ඒ නිසා මට එල්ල වන චෝදනා සේරම පදනම් විරහිත ඒවා යැයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now