බුදු දහම ගැන ලංකාවට අතිශය වැදගත් ප්‍රකාශයක් ඉන්දියාවෙන්..
ඉන්දියාව, පසුගිය වසර නවය(09) තුළ බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් විශාල ප්‍රගතියක් ලබා ඇති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරනවා.
ඉන්දීය අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නවදිල්ලියේ දී ආරම්භ වූ 2023 ගෝලීය බෞද්ධ සමුළුවේදී අදහස් දක්වමින්.
එහිදී ඉන්දියාව න්‍යාය , ප්‍රායෝගිකත්වය සහ අවබෝධය යන බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කර ඇති බවයි ඉන්දීය අගමැති මෝදි මහතා කියා සිටියේ.
ඉන්දියාව එම අංශ තුනෙන්ම වේගයෙන් ඉදිරියට පැමිණ ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළා.
ගෝලීය බෞද්ධ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාව අම්රිත් මහෝත්සවය සමරන අවස්ථාවක සහ ඉන්දියාව නිදහස ලබා වසර 75ක් සමරන මොහොතකයි.
ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා ඉදිරියට යමින් සිටින බවත් ඉන්දියාව, ඉන්දියාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේම සුබසාධනය සඳහා අධිෂ්ඨානයකින් පසුවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී අවධාරණය කළා.
“අපිට සතුට වැළඳ ගත හැක්කේ ජයග්‍රහණය, පරාජයන්, සටන්, යුද්ධ යන අවබෝධයන් අත්හළහොත් පමණයි.
බුදුරජාණන් වහන්සේ මේවා ජය ගැනීමට මඟ කියා දී තිබෙනවා.
වෛරය වෛරයෙන් සංසිඳිය නොහැකි අතර එය සංසිඳිය හැකි වන්නේ ආදරයෙන්. සැබෑ සතුට පවතින්නේ සාමය තුළ, සාමයෙන් එකට ජීවත්වීම තුළ, ” යැයිද ඉන්දියා අගමැතිවරයා ප්‍රකාශ කළා.
අපට ලෝකය සතුට පිරි තැනක් කිරීමට අවශ්‍ය නම් බුදුන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීම සේම පටු චින්තනය හැර යාම එකම මාර්ගය බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
රුසියානු-යුක්‍රේන යුද්ධය ගැන ද අගමැතිවරයා සිය කතාවේදී සඳහන් කිරීමට අමතක කළේ නැහැ. “බුදු මග යනු අනාගත මගයි, තිරසාර මාවතයි.
ලොවම බුදුන් වදාළ ධර්මය අනුගමනය කළා නම් දේශගුණික විපර්යාසයක් වැනි අර්බුදකාරී තත්ත්වයක් පවා අප ඉදිරියට නොඑන්න ඉඩ තිබුණා.
මේ අර්බුදය ඇති වූයේ, සමහර රටවල් පසුගිය ශතවර්ෂයේදී අනෙක් අය ගැන, අනාගත පරම්පරාව ගැන සිතුවේ නැති නිසයි ” යැයි ඔහු ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලෝකයේ විවිධ රටවල සාම දූත මෙහෙවරක් වේවා, තුර්කියේ භූමිකම්පාවක් වැනි විපතක් වේවා ඉන්දියාව සෑම අර්බුද අවස්ථාවකදීම මනුෂ්‍යත්වය සමඟ සිය පූර්ණ හැකියාවන් යොදමින් නැගී සිටින බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |