ඉන්දියාව සහ ලංකාව එකතු වෙලා කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Sri Lanka Navy Sea Indian Defense
By Aruna Sep 30, 2021 04:09 AM GMT
Aruna

Aruna

Report

ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා දේශසීමා මුර සංචාර වැඩි කිරීමට සහ දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීමට ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ, ඊයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති 31 වන අන්තර් ජාතික මුහුදු සීමා රැස්වීමේදි යි.

එහි දී දෙරටේ නාවික හමුදාවන් දෙපාර්ශවය මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඉන්දීය මුහුදු කලාපය ඔස්සේ සිදුවන ජාවාරම් මැඬ පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග, ඉන්දීය මුහුදු කලාපයට මෙරට ධීවරයන් ඇතුළුවීම වැළැක්වීම සම්බන්ධ පියවර පිළිබඳව ඉන්දීය නාවික හමුදාව මෙරට නාවික හමුදාව දැනුවත් කර තිබෙනවා.

එමෙන්ම මෙරට මුහුදු සීමාව වෙත ඉන්දීය ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීමට එරට ධීවර ප්‍රජාව දැනුවත් කරන බවයි ඉන්දිය නාවික හමුදාව එහි දී සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha