ශ්‍රී ලංකාවට ඇගිල්ල දිගුකර ඕස්ට්‍රේලියාවට අනතුරු ඇඟවීමක්.
Australia
Sri Lanka
World
Economic
By Aruna
ආණ්ඩුවේ වියදම් අවම කර නො ගතහොත් ශ්‍රී ලංකාව සහ ආජන්ටිනාව මුහුණ දී ඇති තත්වයට ඕස්ට්‍රේලියාවට ද පත්වනු ඇති බව එරට ධනවත්ම කාන්තාව වන ගිනා රයින් හාට් ප්‍රකාශ කර තිබෙනවා.
කෘතියක් රචනා කරමින් ඇය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ගමන් කරමින් සිටින්නේ ශ්‍රී ලංකාව සහ ආජන්ටිනාව ගමන් කළ මාර්ගයේ බවයි.
පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවේ අයවැය හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 167ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වාර්තාගත වැඩිවීමක්.
මේ හේතුවෙන් ධනය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බව ඕස්ට්‍රේලියාවේ ධනවත් ම කාන්තාව වන ගිනා රයින්හාට් සඳහන් කළා.
මේ වනවිට 67 වන වියේ පසුවන ඇයගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 31ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
