ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්.
තමන් සතු අතිරික්ත එන්නත් ලොව පුරා බෙදා හැරීමේ වැඩසටහන යටතේ මුලින්ම එන්නත් ලබා දෙන රටවල් අතරට ඇ.එ. ජනපදය ශ්‍රී ලංකාව ද ඇතුල් කර ඇති බව ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරය නිකුත් කල නිවේදනයට අනුව මෙම ජුනි මාසය තුල එන්නත් මාත්‍රා මිලියන 25ක් ලොව පුරා බෙදා හැරීමට ඇ.එ. ජනපදය තීරණය කර ඇත. ඒ යටතේ හදිසි මානුෂික අවශ්‍යතා සහ යුද ගැටුම් පවතින කලාපවලට මිලියන 7ක්, ලතින් ඇමෙරිකාවට මිලියන 6ක්, දකුණු සහ අගනිදිග ආසියාතික රටවලට මිලියන 7ක්, අප්‍රිකානු රටවලට මිලියන 5ක් එන්නත් හිමි වේ.
ශ්‍රී ලංකාවට කුමන එන්නත් ප්‍රමාණයක් කුමන ප්‍රමාණවලින් ලැබෙන්නේදැයි මේ වන තෙක් නිවේදනය කර නැති නමුත් දැනට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් පවතින ඇස්ට්‍රා සෙනිකා එන්නත් අවම මාත්‍රා ලක්ෂ 6ක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |