ආසියානු කුසලාන පළමු ශ්‍රී ලංකා තරඟයේදී ලංකාවට අමිහිරි පරාජයක්..!!

Cricket Sri Lanka Cricket Afghanistan
By Aruna Aug 27, 2022 11:00 PM GMT
Aruna

Aruna

Report

ආසියානු කුසලාන විස්ස යි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය කඩුලු 8ක ජයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ, ඊයේ (27) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන්.

කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තානය පළමුව පන්දු රැකීම තෝරා ගත්තා.

ඉතා දුර්වල පිතිකරණයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුණේ, ලකුණු 105ක් පමණ යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න, ලකුණු 38ක් හා ලකුණු 31 බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය, සිය ජයග්‍රහණය ලබා ගත්තේ කඩුලු 2ක් පමණක් වැය කර ගනිමින්.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු ලකුණු 40ක් ලබා ගත්තා. හස්‍රතුල්ලා සසායි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 37ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha