අද අළුයම ප්‍රභලයින් පිරිසක් ඇමරිකාවට යයි..

America Sri Lanka Ali subri
By Aruna Apr 17, 2022 01:40 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා ඇතුළු කණ්ඩායම අද (17) දින අලුයම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම කණ්ඩායමට මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් ඇතුලත් බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම කණ්ඩායම අලුයම 05.07 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබු අතර ඉන් පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් මෙම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now