මෙරට ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක් සිය දිවි නසා ගනියි..

By Sithumi Apr 24, 2022 11:29 AM GMT
Sithumi

Sithumi

Report

කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගත් කෞෂල්‍යා මධූෂානි සියදිවි හානිකර ගෙන තිබේ. 

 අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග නියෝජනය කළ ඇය කුලියාපිටි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ක්‍රීඩිකාවකි.

අප කළ විමසීමකදී කුලියාපිය පොලීසිය පැවසූවේ එම මරණය සියදිවි හානිකර ගැනීමකින් සිදුවූ වුවක් බවය.

ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර, එහිදී පදක්කම් රැසක් දිනාගෙන තිබේ.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ, 2014 ආසියානු කණිෂ්ට ශූරතාවයේ රිදී පදක්කම, 2016 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කම හා 2016 මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරතාවයේ රන් පදක්කම ද ඇය විසින් දිනාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha