සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තහංචියක්..
ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ටෙස්ටොස්ටෙරෝන් සීමාවන් දැඩි කර ඇති බව එහි පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ ය.
ඒ අනුව පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ කිසිදු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවකට මාර්තු 31 වන දා සිට කාන්තා ලෝක ශ්‍රේණිගත කිරීමේ තරග සඳහා සහභාගි වීමට අවසර නොදෙන බව එහි සභාපති සෙබස්තියන් කෝසාමිවරයා ප්‍රකාශ කර ඇත.
ලෝක මලල ක්‍රීඩා කවුන්සිලය ද ලිංගික සංවර්ධනයේ (ඩීඑස්ඩී) වෙනස්කම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ප්ලාස්මා ටෙස්ටොස්ටෙරෝන් උපරිම ප්‍රමාණය ලීටරයකට නැනෝමෝල් පහේ සිට 2.5 දක්වා අඩකින් අඩු කිරීමට කටයුතු කර ඇත.
එම නව තරග කොන්දේසියත් සමග DSD මලල ක්‍රීඩකයින්ට සියලුම ඉසව් සඳහා තරඟ කිරීමේ දී අවම වශයෙන් මාස 24ක කාලයක් තුළ නව සීමාවට වඩා අඩුවෙන් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කිරීමට සිදුවනු ඇති බව එම සම්මේලනය පවසයි.
කෙසේවෙතත් කාන්තා කාණ්ඩයේ තරග කිරීමට පෙර මාස 12ක කාලයක් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් අඛණ්ඩව ඔවුන්ගේ රුධිරයේ අඩංගු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය උපරිමය 5nmol/L දක්වා පවත්වා ගෙන එම සීමාවේ රැඳී සිටිය යුතු බවට වූ ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ පැවති රෙගුලාසි නව කොන්දේසියත් සමග කල් ඉකුත් වී යයි.
මෙම තීරණය කාන්තා කාණ්ඩය ආරක්ෂා කිරීම යන පුළුල් මූලධර්මය අනුව ගත් එකක් බව කෝ සාමිවරයා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
