කොවිඩ් මර්දනය වෙනුවෙන් මෙතෙක් වැය වූ මුදල ගණනය කරයි

covid19 infections economic mahinda rajapaksha s.r.atigala
By Sewvandhi Jun 30, 2021 12:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට රජය මේ දක්වා රුපියල් බිලියන 262 ක් වියදම් කර ඇති බව අද පැවති මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම අරලියගහ මන්දිරයේදී පැවති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මුදල් අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු නිරාකරණය කිරීම පිලිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ දත්ත වලට අනුව පසුගිය වසරේදී කොරෝනා පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117 ක් වැය කර ඇති අතර, 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53 ක් වැය කර ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

 අදාළ කාලයන් තුල එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92 ක් වැය කර ඇති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල එහිදී පවසා තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha