ජල මූලාශ්‍ර භාවිතා භාවිත කළ යුතු ආකාරය ගැන දැනුවත් කිරීමක්

Report

මෙරට පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා මතු වූ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ජනතාව වෙත දැනුවත් කිරීමක් කර තිබේ .

 සමිත සිරිතුංග මහතා මේ බව සඳහන් කළේ  අද (24) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සදහන් කළේ මෙවන් අදහසක්

"විශේෂයෙන් මේ දවස්වල ආපදා තත්ත්වයත් එක්ක ජල මූලාශ්‍ර වෙනස් වෙලා තියෙනවා. ඒවායේ තියෙන ශක්තිමත් භාවයන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේ තැන් භාවිතා කරන කොට හැමතිස්සෙම පරිස්සම් වෙන්න. කෙනෙක්ගෙන් අහන්න නොදන්නා තැන්වලට ගිහිල්ලා ඒ තැන්වල නාන්න හෝ පරිහරණය කරන්න කලින්. ඒ තැන්වල සමහර වෙලාවට ගැඹුර වැඩිවෙන්න පුළුවන්. ඉස්සර මිනිස්සු පාවිච්චි කරපු තැනක් වෙන්න පුළුවන්. ඒ උනාට ගැටලුත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්"

තවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළේ පාසල් නිවාඩු සමය හා උත්සව සමයේ මුල්කර ගෙන රිය අනතුරු සහ සෙසු අනතුරු සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

අසිරිමත් නත්තල හෙට , ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව්මැදුරේදී

අසිරිමත් නත්තල හෙට , ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව්මැදුරේදී

ඒ වගේම ගෙවුණු අවුරුදු කිහිපය තුළ දත්ත විශ්ලේෂණ කිරීම තුළින්, විශේෂයෙන්ම රියදුරන්ගේ, වාහනවල ගමන් කරන අයගේ සහ පදිකයන්ගේ ගැටලු මත බොහෝ විට රිය අනතුරු සිදුවිය හැකි බවද වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ තම වාහනය පාරට දැමීමට පෙර එය ධාවනයට සුදුසු තත්ත්වයක පවතින්නේ දැයි හොදින් පරික්ෂා කළ යුතු බවයි .

මේ අයගෙන් සමන්තභද්‍ර හිමි මිලියන 500ක් වන්දි ඉල්ලයි - හේතුව මෙන්න

මේ අයගෙන් සමන්තභද්‍ර හිමි මිලියන 500ක් වන්දි ඉල්ලයි - හේතුව මෙන්න