හෙට සිට විශේෂ පොලිස් ආරක්ෂාවක්
By Hashini
පොලිස් මූලස්ථානය පවසන්නේ පොසොන් පොහොය නිමිති කරගෙන හෙට (09) දා සිට අනුරාධපුර, මිහින්තලය සහ අටමස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 3500 ක් යොදවා ඇති බවයි.
මෙම ආරක්ෂක වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ එම බැතිමස්ථාන මුල්කරගෙන රථවාහන හැසිරවීමට, බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ වැව් ආශ්‍රිතව සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහායි.
පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්ලාස්ටික් පොලිතින් වැනි පරිසරය අපවිත්‍ර වන දෑ රැගෙන ඒමෙන් වළකින ලෙසත්, තමන් සතු වටිනා දේපළ සොර සතුන්ගෙන් ආරක්ෂා කර ගන්නා ලෙසත්ය.
එමෙන්ම පුදබිම් අපවිත්‍ර නොකරන ලෙසත් පොලිස් නිලධාරීන්ට සහාය වී ඔවුන්ගේ සහයෝගය ද ලබා ගන්නා ලෙසත් පොලිසිය පවසනවා.