මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ඊයේ (03) දින සිට ආරම්භ කළ බවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා ඇත.
එබැවින් වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකි බව සඳහන්.
පළාත් කාර්යාලයේ ලිපිනය,
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය,
03 වන මහල,
නව වෙළඳ සංකීර්ණය,
කුරුණෑගල
දුරකථන අංකය : 037 2224337
ෆැක්ස් අංකය : 037 2224337