මේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු - රජයෙන් චක්‍රලේඛ‍යක්

Report

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) දින නිකුත් කර ඇති බව සඳහන්.

එබැවින් දිට්වා සුළි කුණාටුව නිසා තම පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම නිසා හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් වෙනුවෙන් මෙම විශේෂ නිවාඩු ලබාදීමට නියමිත බව සඳහන්.

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

අද පාසල් යන හැමෝටම විශේෂ දැනුවත්කිරීමක් - ආයෙත් නිවාඩු ගොඩක්

ඒ අනුව විශේෂ නිවාඩු ලබාගැනීමට තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතුය.

එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරන ලද නිලධරයාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා විසින් පරීක්ෂා කර එහි නිරවද්‍යතාව පිළිබඳ පෞද්ගලිකවම සෑහිමකට පත්විය හැකි නම් පමණක් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන වෙනුවෙන් විශේෂ නිවාඩු අනුමැතිය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්.

එසේම මෙම විශේෂ නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකළ යුතු බව ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී ඇති බව පවසයි.

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

දෙපාර්තුමේන්තුවේ උප්පැන්න හා විවාහ සහතික වතුරේ ගිහින් - සේරම විනාසයි

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්

හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්