අද සහ හෙට - කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාවට - අන්ත්ජාලය ඔස්සේ අදම ආසනය වෙන් කරගන්න

Report

දීපාවලී උත්සවය වෙනුවෙන් කොළඹ සිට ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් ලංගම සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එක්ව විශේෂ බස් සේවාවක් ආරම්භ කර ඇත.

අපේක්ෂා කරන්නේ මෙවර දීපාවලී උත්සවය හෙට (8) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ගම්බිම් බලා යන විශාල පිරිසක් අද (07) සිට පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළ වෙත පැමිණෙනු ඇති බවයි.

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

ඉන්ධන සැපයුම සීමා කරයි - රට තුළ පෙට්‍රල් හිඟයක් - රතු පැහැති විශේෂ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ ආසන වෙන්කිරීමේ සේවාව පවත්වාගෙන යනු ලබන ආයතනය සඳහන් කරන්නේ අද (07) සහ හෙට (08) දෙදින තුළ කොළඹ සිට හැටන්, තලවාකැලේ සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ වෙත ධාවනයවන බස් රථවල ආසන විශාල ප්‍රමාණයක් මේ වනවිටත් වෙන්කරගෙන අවසන් බවයි.

මීට අමතරව යාපනය, වව්නියාව, බදුල්ල, මඩකලපුව සහ අම්පාර වැනි ප්‍රදේශ වෙත ගමන් කරන බස් රථවල ආසන ද මේ වන විට කඩිනමින් වෙන් වෙමින් පවතියි. එබැවින් අදාළ ආයතන මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ උත්සව සමයේ ඇතිවිය හැකි අධික තදබදය මඟහරවා ගනිමින් තම ගමන් කටයුතු පහසුවෙන් සලසා ගැනීම සඳහා 1315.lk හෝ sltbeseat.lk යන වෙබ් අඩවි වෙත පිවිස කල්වේලා ඇතිව ආසන වෙන්කරවා ගන්නා ලෙසයි.

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා - පාසල් කාලසටහන වෙනස් වෙයි - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ ඉගෙනුම් වේලාව මෙන්න