දුම්රිය මගීන්ට සැනසිලිදායක ආරංචියක් - හදිසියේ අක්‍රීය වූ සංඥා පද්ධතිය යළි යථා තත්ත්වයට

Report

අධික වර්ෂාපතනය හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂය මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හටගෙන තිබූ අතර, එම තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය.

කෙසේ වෙතත්, අදාළ දෝෂය හඳුනාගෙන එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සංඥා පද්ධතියේ ඇතිව තිබූ තාක්ෂණික ගැටලුව මේ වන විට නිරාකරණය කර ඇති අතර, දුම්රිය ධාවන කටයුතු යළිත් සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.