තෙල් මිල වෙනස්වීම ගැන විශේෂ නිවේදනයක්

Economy of Sri Lanka Crude Oil Prices Today Sinhala news Iran-Israel War
By Mithu Jun 23, 2025 11:12 AM GMT
Mithu

Mithu

Report

ඊශ්‍රායලය සහ ඉරාන යුද්ධ තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳ කළේ තෙල් මිල ඉහළ යා හැකි බවට ආර්ථික විද්‍යාඥයන් අදහස් කරයි.

ඒ අනුව  ඉන්ධන මිලේ විශාල ඉහළ යෑමක් හෝ ඉන්ධන හිඟයක් මෑතකදී කිසිසේත්ම ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා  අද (23) පැවසීය. ඛනිජ තෙල් සංස්ථාව සතුව මාස දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් ඇති බවත් අගෝස්තු මස දක්වා ඉන්ධන ඇනවුම් කර, දෙසැම්බර් අවසානය දක්වා ඉන්ධන ටෙන්ඩර් කැඳවීමට සූදානම් කර ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.

මැදපෙරදිග කළාපයේ යුදමය තත්වය දරුණු අතට හැරුණු හොත් එය සමස්ත ලෝකයටම බලපෑමක් ඇති කරන නිසා ශ්‍රී ලංකාවට ද එයින් ගැලවීමට නොහැකි බව කී නෙත්තිකුමාරගේ මහතා එසේ නොමැතිව යුදමය තත්වය පහව ගියහොත් ගැටලුවක් නොවන බව ද සඳහන් කළේය. වර්තමාන තත්වය යටතේ ජනතාව අනියත බියක් ඇතිනොකරගත යුතු බවත් ලෝක ප්‍රවණතා අනුව කටයුතු කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානමින් සිටින බවත් ඒ මහතා කීය.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණ්‍ය කිරිමේදී පසුගිය මස මිල පාදකකරගැනීම නිසා ඉදිරි දිනවලදී ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යෑමේ යෑමේ කිසිඳු අවස්ථාවක් නොමැති බබත් ඉන්දණ මිල රුපියලකින්, දෙකකින් ඉහළ යෑම සාමාන්‍ය තත්වය නෙත්තිකුමාරගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. බවත්

ReeCha