රාජ්‍ය ඇමති චන්න ජයසුමනගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Moderna Pfizer vaccination Channa Jayasumana sinopharm
By Sewvandhi Sep 18, 2021 04:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනය වෙනවිට මෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව වාර්තා වෙනවා. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කළේ.

ඒ අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වෙනවිට, සයිනොෆාම් එන්නත් මාත්‍රා 8,973,670ක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 949,105ක් මොඩර්නා එන්නත් මාත්‍රා 758,282ක් ෆයිසර් එන්නත් මාත්‍රා 243,685ක් ස්පුට්නික් එන්නත් මත්‍රා 43,453ක් වශයෙන් සමස්ත මාත්‍රා 10,968,199ක් ජනතාවට ලබා දී තිබෙනවා.

මෙරට ජනගහනයෙන් 50%ක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව, එන්නත්කරණය සම්පූර්ණ කළ සමස්ත පුද්ගලයින් ගණන 10,968,195ක් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ (17) ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගියා. ඒ, කොරෝනා ආසාදිතයින් 2078 දෙනෙකු ඊයේ (17) හඳුනාගැනීමත් සමඟයි.

ඊයේ මෙරටින් හඳුනා ගත් නව ආසාදිතයින් 2078 දෙනාත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 500,772 ක් ලෙසයි. නව ආසාදිතයින්ගෙන් 2070 දෙනකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 08 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 59,508ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 429,776ක්. එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ (17) තහවුරු කරනු ලැබූ මරණ 121ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 11,938ක් ලෙසයි.

මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද (18) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. 

හදවත් රෝගීන් කඩිනමින් පූර්ණ එන්නත්කරණයට යොමුවීම අවශ්‍ය බව මීගමුව මූලික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග ප්‍රකාශ කළා. ඇය මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මෙම මාධ්‍ය හමුවකදියි.

මේ අතර ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1391 දෙනෙකු ස්ථීර සේවයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ලක්ෂ එක හමාරකට අධික සෞඛ්‍ය වෘත්තිකයින් සංඛ්‍යාවක් සිටින අතර ඉන් 22,000කට ආසන්න සෞඛ්‍ය කාර්ය සහයකයින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now