දොස්තර මන්ත්‍රීගේ නොහබිනා හැසිරීම ගැන කථානායක තීරණය. - (VIDEO)

By Wayomi Nov 25, 2024 02:57 AM GMT
Report

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔුහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (24) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමින්.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

එහිදී ඔහු කියා සිටියේ, පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබෙන බවයි

ඒ අනුව මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්,ජනතාව බලාපොරොත්තු වන අභිලාෂයන් ඉටුකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත් කථානායකවරයා සඳහන් කළා.

"ඔහුගේ අභිලාෂය කුමක් ද කියලා අපි දන්නේ නෑ තනි පුද්ගලයෙක් විදියට. ඔහු නියෝජනය කරපු ජනතාවගේ අභිලාෂය ඉතාමත් පැහැදිලියි. එහෙම දෙයක් අද රට තුළ බලාපොරොත්තු වෙන්නේ නෑ ජනතාව. ඒ ජනතාව උතුර, බටහිර හරි නැගෙනහිර හරි වෙන්න පුළුවන්, සෑම ජනතාවක්ම බලාපොරොත්තු වෙන්නේ සමගියෙන් රට දියුණු කරන්න මැදිහත් වෙනවා කියලා. ඒක තනි පුද්ගලයෙක් කරපු දෙයක් විදියට තමා අපි දන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔහු සමග කතා කරලා ඔහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල අපි පරීක්ෂා කළා. ඔහු සමග කතා කරන්නත් පුළුවන් අපි බුද්ධිමත්ව කටයුතු කරලා ඉදිරියේ දී මේ ගැන පැහැදිලි කරගමු." 

කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.

කතානායක හිස් වැසුමේ කොන් එකතු කළේ ඇයි? - ඇත්තම හේතුව මෙන්න.

රුපියල් කෝටි 180 කට අලෙවි වූ කෙසෙල් ගෙඩිය. - සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සු.

රුපියල් කෝටි 180 කට අලෙවි වූ කෙසෙල් ගෙඩිය. - සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සු.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විශේෂ දැනුම්දීමක්.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ විශේෂ දැනුම්දීමක්.



You may like this video