ගම්පහ නගරය පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් - “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන ගම්පහින් ඇරඹෙයි

Report

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් ගොඩනැගීම අරමුණු කරගත් ජාතික පුරවැසි මෙහෙවරක් වන “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන අද (08) පෙරවරු 8.00ට ආරම්භ කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්,දිසාපති ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 223 ඒ, මැදගම 2 ග්‍රාම නිලධාරී වසමේදී ආරම්භ විය.

වැඩසටහන යටතේ ගම්පහ දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, ඔරුතොට පාර සහ ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි “අත්තම” පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

හිරගෙවල් වහන දරු පරම්පරාවක් අපි හදන්න ඕනේ - ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්

හිරගෙවල් වහන දරු පරම්පරාවක් අපි හදන්න ඕනේ - ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්

ගම්පහ මහ නගර සභාවේ සහයෝගය ඇතිව පැවැත්වෙන මෙම පවිත්‍රතා මෙහෙයුම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, මැදගම 2 ග්‍රාමීය කමිටු නිලධාරීන්, ප්‍රජා සංවර්ධන සභා, ස්වේච්ඡා සංවිධාන සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටිති.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසිත් භාෂණ සහ ප්‍රගීත් මධුරංග, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම, ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ, සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ සහ 141 වන යුද හමුදා බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් සංජය ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ප්‍රජාව, රාජ්‍ය ආයතන සහ ආරක්ෂක අංශ එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ගම්පහ නගරය ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් බවට පත් කිරීම අරමුණු කර තිබේ.

සාගරය ගිනියම් වෙද්දී එල්නිනෝ තත්ත්වය හේතුවෙන් උදාවෙන තවත් භයානක බලපෑමක් ගැන විශේෂ අනාවරණයක්

සාගරය ගිනියම් වෙද්දී එල්නිනෝ තත්ත්වය හේතුවෙන් උදාවෙන තවත් භයානක බලපෑමක් ගැන විශේෂ අනාවරණයක්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...