ලබන සතියේ සිට සෑම නිවසකටම ලැබෙන වටිනා තෑග්ග මෙන්න.
කොවිඩ් මර්ධනයට ආයුර්වේදෙන් කරන්න යන අලුත්ම වැඩේ කොවිඩ් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්ෂා කරගැනීමේ අරමුණින් සෑම නිවසකටම දේශීය ඖෂධ මංජුසාවක් බෙදාදීමේ වැඩසටහනක් ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසනවා.
මෙම මංජුසාව තුළ කොවිඩ් වෛරසයට ආයුර්වේද රෝහල් වල දැනට ක්‍රියාත්මක වන ප්‍රතිකාර සදහා භාවිතා කරන ගුඩුච්ඡාදී චූර්ණය, සුවධරණී ප්‍රතිශක්තිකරණ පානය සහ ප්‍රතිශක්තීකරණ කැද වර්ග සමන්විත යි.
රෝග ව්‍යාප්තිය බහුලව සිදුවූ ප්‍රදේශ ඉලක්ක කරගෙන මුලින්ම මෙම මංජුසාව බෙදාදීමේ කටයුතු සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියයි.
මේ අතර කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.
R පොයින්ට් වන් (R.1) නම් එම නව ප්‍රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි.
එම ප්‍රභේදයම ආසාදිත වූ පුද්ගලයින් 45දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමග අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි.
අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් වර්ධනයවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
මේ අතර 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් කොවිඩ්කාරක වෛරසය අමෙරිකාව තුළ පැතිරෙමින් තිබූ බවට චීනය පවසයි.
ඔවුන්ට අනුව මෙම අනාවරණය සිදුකරගෙන ඇත්තේ, කොවිඩ් වසංගතයේ ආරම්භය සොයා චීන විද්‍යා ඇකඩමියේ මැදිහත්වීමෙන් අමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය යන රටවල සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.
ඊට අනුව කොවිඩ් වෛරසය චීනයේ වූහාන් නගරයේ පැතිරගොස් ඇත්තේ ඉන් පසුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
