පුතාගේ යකඩ පොලු පහරින් පියා ජීවිතක්ෂයට
beruwala
kaluthara
nagoda hospital
son killed farther
land problems
By Sewvandhi
පුත්‍රයා විසින් පහරදී 60 හැවිදිරි සිය පියා ඝාතනය කළ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් ඊයේ (25) වාර්තා වනවා.
මොවුන් දෙදෙනා වඩු මඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලකින් පහරදී 29 හැවිරිදි පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර මේ වනවිට කළුතර - නාගොඩ රෝහලේ තැන්පත්කර තිබෙනවා.
මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) දින සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |