සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් 100 කට අදික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ සිදූවීම

By Sithumi Oct 30, 2022 03:50 PM GMT
Sithumi

Sithumi

Report

 සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදුවූ කාර් බෝම්බ පිපිරීම් 02 කින් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අගනුවර කාර්යය බහුල මංසන්ධියක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාර ද්විත්වය එල්ල වී ඇති බවයි. දරුවන් වඩා ගෙන සිටි මව්වරුන් සිය දරුවන් සමගම මිය ගොස් ඇති බවත් එය සමූල ඝාතනයක් බවත් සෝමාලියාවේ ජනාධිපති හසන් ෂෙයික් මහමුද් පවසනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ආධාර සඳහා ජාත්‍යන්තරයේ සහය අපේක්ෂා කරන බවයි සෝමාලියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.  

  එරට අධ්‍යාපන අමාත්‍යවරයා ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. සෝමාලියාවේ ක්‍රියාත්මක අල් ෂබාබ් සටන්කාමීන්ට ප්‍රහාරය සම්බන්ධයෙන් රජය චෝදනා එල්ල කරනවා.