බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි

Report

මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය සදහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 37ක් වූ ජනකගම, මාදිවෙල ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් බවයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

 මේ සම්බන්ධව අරලගංවිල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

'පොඩි පැටී' ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී කොටු

'පොඩි පැටී' ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී කොටු