"..ජීවිතේ අවසාන ඇබ්බැහි වීම ඔයයි මගෙ මැණික හැම ආත්මෙම මගේම වෙලා ඉපදෙන්න.." සියල්ලන් හැඩවූ ඔහුගේ සමුගැනීම ගැන ඇය තැබූ අතිශය සංවේදී සටහන..(PHOTOS)
මේ කියන්න යන කතාව ගැන සමාජ මාද්‍ය හරහා දැඩි කතා බහට ලක්වූ සිද්ධියක්.
Happy 1st wedding anniversary my husband♥️
අනේ අද ඔයා මගේ ලග හිටිය නම් අවුරැදු 5ක් ආදරේ කරලා ඔයාගේ ලගම හිටිය මාව ලස්සන මනමාලියක් කරලා ඔයාගෙම කරගන්න ඔයා හීන දැක්ක විදිය මං විතරයි දන්නෙ.. අපි දෙන්නා තරම් රණ්ඩු වුන,තරහ වුණ,block කරගත්ත couple එකක් වෙන නැතුව ඇති ඒත් හැමදාම අපි දෙන්නා එකට හිටියා.
අපි අපිව තදින් අල්ලන් හිටියා. ඔයා මට හැමදාම කිව්වා බබා ඔයා වගේ කෙල්ලෙක් මට කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා මොකද ඔයා දැනන් හිටියා මොන දේ නැති වුනත් මං ඔයා ලග ඉන්නවා කියලා.. අදටත් මං ඔයා ලග එදා හීන බලාපොරොත්තු ගොඩාරියක් එක්ක අපි දෙන්නගේ ලෝකේ ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන මං ඔයාගේ වුනේ ජීවිතේ හැමදේම ඔයා වෙනුවෙන් කැප කරලා ඔයා ලගටම වෙලා ඉන්න..
ඒත් අද මට වෙලා තියෙන්නේ ඔයා වෙනුවෙන් පිං දෙන්න ඔව් රත්තරං මං ඒක කරනවා.. මං වගේම ඔයත් අසරණ ඇති මැණික මට ඔයාව දැනෙනවා මැණික ඔයාගේ සුවද තාමත් මට දැනෙනවා කිසිම ආත්මෙක මට කලින් ඉස්සර වෙන්න එපා බබා මට බෑ ආයිමත් කිසිම ආත්මෙක ඔයාගේ මරණය මේ ඇස් දෙකෙන් දකින්න ඔයා හැම අතින්ම ලස්සන පිරිමි ලමෙක් ඔයා ගොඩක් හොද ආදරවන්තයෙක්,තාත්තෙක්,හුරතල් වෙන්න ආස චූටි දරැවෙක්,ඔයා ගොඩක් හොද සැමියෙක්.
ඒ හැමදේටම වඩා ඔයා දෙවියෙක් ඔයාව අදහනවා මං මාව දරාගත්තට,මාව ඉවසුවට,වැටෙන හැමතැනම හයියක් වුනාට ඔයාට ගොඩක් පිං. හරිම ඉක්මනින් අපි අපේ වෙනවා මේ හැමදේම අත ඇරලා ඔයා ලගට ආවම දාලා නම් යන්න එපා මැණික මට ඉන්න බෑ ඔයා නැතුව මං ඔයා වෙනුවෙන් කරන පුංචි දේකින් පවා ලැබෙන පිං අරගෙන ලස්සන ආත්මෙකට යන්න මැණික .
ඒ කිසිම ආත්මෙක ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා මගේ ප්‍රාර්ථනාවන් හරි අහිංසකයි මගේ ඇස් දෙකෙන් වැටෙන කදුලක් ගානේ මං ඉල්ලන්නෙ ඔයාව ඒ නිසා මං දන්නවා ඔයා හැම ආත්මෙම මගේ විතරක් කියලා. හැම සංසාරෙම ඔයා වෙනුවෙන් කැප වෙන්න මං බලන් ඉන්නවා. ඔයාට හිටිහැටියෙම යන්න වුනත් ඔයා ගියේ ඔයාගේ අයිතිය හැම ආත්මෙකම මටම විතරක් ලියලා ඒ අයිතිය මං ගාව පරිස්සමට තියෙනවා..
දන්නවද මැණික මගේ අන්තිම හුස්ම ගිය ගමන් මං හොයන් එන්නේ ඔයාව එදාට නම් අපි දෙන්නව වෙන් කරන්න කාටවත්ම බැරි වෙයි. මට හරි ආඩම්බරයි ඔයා වගේ හොද කෙනෙක්ගේ wife වෙන්න පිං කරපු එකට. මං දන්නවා අදටත් මාව අහන් ඉන්න එකම කෙනා ඔයා කියලා. ඉ
තින් මගේ සිංහයෝ හැමදේටම මාව තෝරගත්තට පිං මට බෑ කවදාවත් ඔයාව තනි කරන්න. මං ආවොත් මාව බාරගන්න..හැම ආත්මෙම මගේම වෙලා ඉපදෙන්න මගේ මැණික ඔයා තමයි මේ ලෝකේ ඉන්න ආදරණීයම husband මගේ ආදරේට සීමාවක් නෑ ඒක හැම ආත්මෙටම එහෙමයි.. මං ආදරෙයි මගෙ මැණිකට♥️ මං එනකන් පරිස්සමින් ඉන්න.. අපි අපේ විතරයි හැමදාමත්.. ජීවිතේ අවසාන ඇබ්බැහි වීම ඔයයි මගෙ මැණික මං ඉන්නවා ඔයා වෙනුවෙන්
-ආදරණීය බිරිද-