සහරා කාන්තාරයට දශකයකට පසු හිම වැටේ
සහරා කාන්තාරයේ තැඹිලි පැහැති වැලි කඳු සුදු පැහැයෙන් වැසී ගියේය.
නිරිතදිග ඇල්ජීරියාවේ අයින් සෙෆ්‍රා නගරය අසල සහරාවේ සමහර ප්‍රදේශවලට හිම පතිත වී ඇති බව වාර්තා වේ.
උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටීම හේතුවෙන් මෙම දුර්ලභ සිදුවීම සිදු වූ අතර, පදිංචිකරුවන් හා සංචාරකයින් පුදුමයට පත් කරමින් තැඹිලි වැලි කඳු සුදු සුදුවී ගොස් තිබුණි.
අයින් සෙෆ්‍රා නගරය ඇට්ලස් කඳු පාමුල සහරාවේ උතුරු මායිමේ පිහිටා ඇති නිසා, සීතල යුරෝපීය වාතය හා මධ්‍යධරණී සමුද්‍රයෙන් ලැබෙන තෙතමනය එකතු වීමෙන් මෙවැනි හිම පතනයන්ට ඉඩ සැලසේ.
මෙය පසුගිය දශක හතර තුළ මෙම ප්‍රදේශයට හිම වැටුණු හත්වන අවස්ථාව බව වාර්තා පවසයි.
2016ට පෙර අවසන් වරට හිම වැටුණේ 1979දී වන අතර, මෑත වසරවලදී මෙවැනි සිදුවීම් තරමක් වැඩි වී ඇත.
හිම පතනය කෙටි කාලයකට පමණක් පැවති අතර, වැටීමෙන් ටික වෙලාවකට පසුව දිය වී ගොස් ඇත.
මෙම දුර්ලභ සිදුවීම සහරාවේ සාමාන්‍ය උණුසුම් දේශගුණය සමඟ සසඳන විට අතිශය විශේෂත්වයකි.