ස්මිත්‍රි මන්දනාගේ විවාහය දෙදරයි- හේතුව මෙන්න
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රියතම සුපිරි තරුවක් වන ස්මිත්‍රි මන්දනාගේ විවාහ උත්සවය කල් දැමීමට තීරණය කර ඇත.
ඇයගේ විවාහය ඊයේ (23) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් උත්සව අතරතුර ඇගේ පියාට හදිසියේම ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ස්මිත්‍රි පවසා ඇත්තේ, ඇගේ පියා නොමැතිව විවාහ උත්සවය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි. ස්මිත්‍රිගේ පෙම්වතා වුයේ ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ පලාෂ් මුචල්ය.
විවාහය කල් දැමීමත් සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද නරක අතට හැරී ඇති අතර, ඔහුව රෝහල්ගත කර ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.