සුපිරි ජංගම දුරකතන භාවිත කරන පාසල් සිසුන් ප්‍රමාණය ඉහළට!

Mobile Phones School Children Sinhala news
By Dilasha Mar 25, 2025 04:20 AM GMT
Dilasha

Dilasha

Report

ඉකුත් දා නිකුත් වූ ශ්‍රී ලංකාවේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණයකින් මෙරට පාසල් සිසුන්ගෙන් 28.4%ක් සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත සන්නිවේදනය ආදි අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා සුපිරි ජංගම දුරකතන භාවිත කරන බව වාර්තා වේ.

එම පිරිසෙන් 31.3%ක් පිරිමි දරුවන් වන අතර, ගැහැනු දරුවන්ගේ 25.5% ප්‍රතිශකයක් වාර්තා වේ.

වැඩිම ඉහළ ජංගම දුරකතන භාවිතයක් ඇත්තේ වයස අවුරුදු 16-17 අතර වයස් කාණ්ඩයේ වන බවත් එය ප්‍රතිශතයක් ලෙස 40.6%කි.

මෙරට පාසල් සිසුන්ගෙන් 5.4%ක් ඉකුත් මාස 12 තුළ සයිබර් හිරිහැර කිරීම්වලට (Cyber bullying) ලක් වී ඇති බවද හෙළි වී ඇත.

ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් සයිබර් හිංසාවලට ලක් වීම වැඩි අගයක් ගන්නා බවද වයස අවුරුදු 13- 15 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් 5.6%ක ප්‍රතිශතයක් මේ අතරින් සයිබර් හිංසා කිරීම්වලට ලක් වන බවද නිරීක්ෂණය වී තිබේ.

මෙරට රජයේ පාසල්වල අවුරුදු 13-17 අතර සිසුන්ගේ ආහාර පුරුදු, ශාරීරික ක්‍රියාකාරකම්, සනීපාරක්ෂාව, මානසික සෞඛ්‍යය, මුඛ සෞඛ්‍යය, මත්ද්‍රව්‍ය භාවිතය, ප්‍රචණ්ඩත්වය, මවුපියන් සහ සම වයසේ මිතුරන් සමඟ එකතු වීම සහ ලිංගික හැසිරීම් ආදිය පිළිබඳ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය (GSHS) 2024 මඟින් සමීක්ෂණයට ලක් කර ඇති බවද වාර්තා වේ. 

ReeCha