දේශපාලනයෙන් ඉහළට ගිය ලංගම සේවකයන්ට වැඩ වරදියි
Parliament of Sri Lanka
Bimal Rathnayake
Sinhala news
By Mithu
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තර හා රියැදුරන් ලෙස සේවයට බැඳුණු ඇතැම් පුද්ගලයන් පසුගිය පාලන සමයේදී නුසුදුසු , නොගැලපෙන ආකාරයට ඩිපෝවල ඉහළ තනතුරුවලට පත්කර ඇති අතර එසේ පසුගිය වසර 5 තුළ එම තනතුරුවලට පත්කළ පුද්ගලයන් නැවත කලින් සිටි තනතුරුවලම ස්ථාපිත කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු සඳහන් කළේ, මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලැබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 1000කට අධික ප්‍රමාණයකට මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගත් බවයි.
