ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන T20 තරගය අද
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය අද (09) පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය් පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ වගේම මෙම තරගාවලිය දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමවිත වේ.
තවද T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායම පසුගියදා (07) සමත්විය.
ඒ අනුව අද (09) පැවැත්වෙන තරගය පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළහොත් තරගාවලි ජය එක් තරගයක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගනීමට ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.
අද (09) පැවැත්වෙන තරග තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක සහ පාකිස්ථාන කණ්ඩායමේ නායකයා ලෙස සල්මන් අලි අගා කටයුතු කිරීමට නියමිතව තිබේ.