කැබිනට් එකම CIDයට? විපක්ෂයෙන් පෙරළියක්

Report

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමට වර්තමාන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් වසරකට රුපියල් කෝටි දහසකට වඩා අධික අලාභයක් සිදුවීම යන කරුණු මුල් කරගෙන වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයටම එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවත් එම පැමිණිලි ලබන සතියේදී එම ආයතන වලට ඉදිරිපත් කරන බවත්ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ගල් අඟුරු ආනයනය කිරීම සඳහා අදාල සමාගමටම අවස්ථාව ලැබෙන ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම වගකිවයුතු බවත්ය. ප්‍රමිතියෙන් තොර මෙම ගල් අඟුරු ආනයනය කිරීම අදාල සමාගමට ලබාදීම සඳහා සැලසුම් සහගතව කැබිනට් මණ්ඩලය ක්‍රියාකර ඇති බවට ඔප්පු කළ හැකි සාක්‍ෂි තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

හිටපු කතානායක අශෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වේ

මෙසේ ගෙන්වා ඇති ගල් අඟුරු කිලෝවකින් නිපදවිය හැකි කිලෝ කැලරි ප්‍රමාණය 5900ට වඩා අඩු බව දැනට ලැබී ඇති වාර්තාවල සඳහන් බවත් ඒ අනුව එම ගල් අඟුරු තොගය ප්‍රතික්ෂේප කළ යුතුව තිබූ බවද මෙම ගල් අඟුරුවල ප්‍රමිතියසම්බන්ධයෙන් නොරොච්චෝලේ පිහිටි ලක්විජය බලාගාරයේ පැවැත් වූ පරීක්ෂණවලින් ගල් අඟුරු නියමිත ප්‍රමිතියෙන් තොර බව ඔප්පු වී ඇති නිසා මෙම බාල ගල් අඟුරු වංචාවට වර්තමාන ආණ්ඩුව අනිවාර්යයෙන්ම වගකිවයුතුයි බවයි මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.