අම්බලන්ගොඩ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගනියි
By Kanchana
අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදු විය .
මෙම වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ වගේම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ.
එම වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුදුවත්ත ආදාදොළ මාර්ගයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
ඒ වගේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සෘජු අධීක්ෂණය යටතේ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව සදහන් වේ.