ආණ්ඩුවේ 22 වන සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට- ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් යැයි කියමින් සජබෙන් සටනක්
By Kanchana
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය (SJB) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම මගින් යෝජිත සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව, අදාළ සංශෝධන කෙටුම්පත සම්මත කිරීම සඳහා අනුගමනය කළ යුතු ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන්ද අධිකරණයේ අවධානය යොමු කර තිබේ.
රජය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන සමගි ජන බලවේගය විසින් මෙම නීතිමය පියවර ගෙන ඇත.