මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයක්...

Cricket Sri Lanka England cricket team Anjalo mathivas
By Aruna Jul 07, 2021 08:02 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඊට අදාල ලිපිය මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් පැවති අර්බුදය නිමා කරමින් එංගලන්ත සංචාරයට සහභාගී වූ සියලු ක්‍රීඩකයින් ගිවිසුම් සඳහා අත්සන් තබා තිබෙනවා.

ඊයේ දිනයේදී ගිවිසුම් සඳහා අත්සන් තබා තිබුණේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පමණයි.

ඒ අනුව අද උදෑසන 08 දක්වා ගිවිසුම්වලට අත්සන් තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාලය ලබා දී තිබුණා.

ක්‍රීඩකයින්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව වෙනුවට දක්ෂතා පදනම් කර ගනිමින් එක් එක් තරාඟාවලි සඳහා වෙන වෙනම කොන්ත්‍රාත් ලබාදෙන බව ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත ක්‍රිකට් තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා හරහා ක්‍රීඩකයින්ට දැනූම් දී තිබුණා.

එහෙත් ඇතැම් ක්‍රීඩකයින් ඊට අකමැත්ත පළ කර තිබූ බවයි වාර්තා වුණේ.

ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට එළඹෙන ඉන්දීය තරඟාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩකයින්ට දැනුම් දී තිබුණේ.

නව ක්‍රමවේදය යටතේ ගිවිසුම් අත්සන් නොකරන ලෙස ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සෙසු ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකර ඇති බවටද තොරතුරු වාර්තා වුණා.

මේ අතර එළඹෙන ඉන්දීය තරඟාවලිය සඳහා ඉදිරිපත්වන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේ ප්‍රකාශට පත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha