හෙට දිනයේ සයිනොෆාම් එන්නත් බෙදා දෙන ප්‍රදේශ

By Sewvandhi Jul 21, 2021 11:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට (22) දිනයේ දී දිවයිනට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇ.ති සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 9.1ක් වන බව ද චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

හෙට දිනයේ ලැබෙන එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එන්නත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයකටත් බෙදා දීමට නියමිතය.

එමෙන්ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද ලබාදීමට සැලසුම් කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha