ගාලු මුවදොර දැන් තත්ත්වය.. ජන ගඟට එකතු වුන අලුත්ම පිරිස මෙන්න..

sri lanka Protest gagana news Galleface Sri lanka sinhala news today trending news
By krishani Apr 09, 2022 07:52 AM GMT
krishani

krishani

Report

ගාලුමුවදොරින් යන එන වාහනවලිනුත් විරෝධයට සහාය ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් මේ වනවිට කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉදිරිපිට මාර්ගයේ විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවෙමින් සිටී.

රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙසට බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටිය අසල මාර්ගය දෙපස අද (09) උදෑසන සිට එලෙස ජනතාව රැස්වී විරෝධතාවයේ නිරත වෙයි.

එය නම් කර තිබුණේ නිර්පාක්ෂික ජනතා අරගලය යනුවෙනි. ඊට තරුණ තරුණියන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එක් සිටී.

මෙහිදී විරෝධතාකරුවන්ට සහාය පළ කරමින් ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් රථවාහනවලින් ද නලා නාද කර විරෝධතාකරුවන්ට සහාය පළ කිරීම විශේෂත්වයකි.

ගාලු මුවදොර පිටිය අසලට රැස්ව සිටින විරෝදතාකරුවන් සමග එක්වීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මේ වනවිට විජේරාම මංසන්ධියේ සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now